fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“සේනා” මඬින්න පෙරමෝන උගුල් ගේන්න සූදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:11

“සේනා” මඬින්න පෙරමෝන උගුල් ගේන්න සූදානම්

සේනා දළඹුවා මර්දනයට පෙරමෝන උගුල් විසිදහසක් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයෙහි ක්ෂේත්‍ර චාරිකාවට එක්වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මෙම පෙරමෝන උගුල් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භකර තිබෙන බවද අමාත්‍යවරයා කියාසිටියා.

සේනා සළබයින් මෙම උගුලට හසුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. සේනා දළඹුවා විනාශ කිරීම සදහා විලෝපිකයින් හතර දෙනෙකු මුදාහැරීමට ද කටයුතුකර තිබෙන බව කෘෂිකර්ම නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්