fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රේගු ගැටලුව අවසන්.- පී එස් එම් චාල්ස් යළි රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:01

රේගු ගැටලුව අවසන්.- පී එස් එම් චාල්ස් යළි රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට

දින 7ක් පුරා පැවති රේගු වෘත්තීය සමිති නිමාවට පත්වුණා. පී එස් එම් චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස පත් කිරිමත් සමගයි මෙසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිමාවට පත් වී තිබෙන්නේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යළි චාල්ස් මහත්මිය මාස තුනකට  රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත්කර තිබෙනවා. මේ පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද(05) පැවැත්වුණා. කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ පත්‍රිකාව යළි ඉවත් කර ගැනීමත් සමගයි පී එස් එම් චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්