සොහොන් ගැබෙන් සොයාගත් ළදරු මමී…
Related Articles
කාලෙන් කාලෙට ලොව පුරා ඉතිහාසය වෙනස් කිරීමට හැකිවන සාධක සහිත නව සොයාගැනීම් හමුවනවා.ඒ අනුව ටොලමෙයික යුගයට (ක්‍රි.පූ. 305 – 30) අයත් මමී 50ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙන බවට එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසනවා.
එසේ හමුවූ මමිවලින් 12ක් දරුවන්ගේ බවයි වාර්තා වෙන්නේ. කයිරෝ අගනුවරට දකුණින් පිහිටි මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිමේ මීටර 9ක් (අඩි 30) ගැඹුරින් වූ භූමදාන කුටිවලිනුයි එම මමී සොයාගෙන තිබෙන්නේ…
ඉන් ඇතැම් ඒවා රෙදිවලින් ඔතා තිබූ අතර සෙසු මමී පාෂාණවලින් තැනුණු දෙන තුළ මෙන් ම දැවයෙන් තැනුණු දෙනවල බහා තිබෙන බවටයි වාර්තා වෙන්නේ. එමෙන්ම එම මමිවල අනන්‍යතාව නොදන්නා නමුත් ඔවුන් වැදගත් පුද්ගලයන් ලෙස සලකන ලද්දන් විය හැකි බවයි එරට නිලධාරීන් පවසන්නේ.