fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Facebook හරහා සංවිධාන කෙරෙන සියලුම සාද පොලීසියේ දැඩි පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 11:03

Facebook හරහා සංවිධාන කෙරෙන සියලුම සාද පොලීසියේ දැඩි පරීක්ෂාවට

ෆේස්බුක් හරහා සංවිධාන කෙරෙන සියලුම සාද දැඩි පරික්ෂාවට ලක් කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ෆේස්බුක් හරහා සංවිධාන කරන බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන බවට හෙලිව තිබෙනවා. එම සාදවලට පැමිණෙන අයට මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙන බවද සදහන්. මේ පිලිබද සැලකිල්ලට ගනිමිනුයි අදාළ සාද දැඩි පරික්ෂාවට ලක් කිරීමට පොලිසීය තීරණය කර ඇත්තේ.  විෂ මත්ද්‍රව්‍ය අලෙවිය හා වෙනත් නීතිවිරෝධි කටයුතු සිදු වන්නේ නම් අදාළ සාද සංවිධායකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්