ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
Related Articles
දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වෙන බව තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා අයිටීඑන් ප්රවෘත්ති අංශය සමග පැවසුවා.
දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය ලබන 13 වනදා ආරම්භ වනවා. අද පැවැත්වෙන සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්. එහෙත් ඔහු පසුගිය තරගාවලි කිහිපයේදීම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වුණා. මේ අනුව වත්මන් උප නායක දිමුත් කරුණාරත්නට නායකත්වය ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. මේ අතර නවක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට කැදවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඔහු අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේදී ද්විත්ව ශතකයක් ඇතුළුව ලකුණු අතර සිටි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට රැදී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. එහි සිටම ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.