fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදාව පරාජය කිරීමට CRFC කණ්ඩායම සමත් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 08:35

නාවික හමුදාව පරාජය කිරීමට CRFC කණ්ඩායම සමත් වෙයි

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අධියරේ තරගයකදී නාවික හමුදා කණ්ඩායම පරාජයට පත් කිරීමට සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත්වුණා.

සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු අර්ධය නිමාවන විට ඉදිරියෙන් සිටි නාවික හමුදා කණ්ඩායම ලකුණු 17 ක් ලබා ගත්තා. ඒ වන විට සී ආර් ක්‍රීඩකයින් ලබා සිටියේ ලකුණු 13 ක් පමණයි. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ සී ආර් කණ්ඩායම තරගය නිමාවන විට ලකුණු 23 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. ඒ වන විට නාවික හමුදා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 20 ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 08:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්