fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 08:47

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. රාජ්‍ය ආරක්‍ෂාව සඳහා මෙවරත් වැඩිම මුදල් ප්‍රමාණය වෙන්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන හාරදහස් පන්සිය පනහක්. අමාත්‍යාංශ සඳහා වෙන් කිරීම්, දේශීය හා විදේශීය ණය ගෙවීම් ආදී වියදම් ද ඒ අතර වනවා. පසුගිය වසරට වඩා රුපියල් බිලියන 9 ක් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කර තිබීම විශේෂත්වයක්. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 105 ක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 187 ක් ද වෙන්කර තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් පසුගිය වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 73 ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානය යොමු කරමින් රුපියල් බිලියන 114 ක් වෙන්කර තිබෙනවා. නගර සැලසුම් හා ජල සැපයුම වෙනුවෙන් පසුගිය වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 89 ක් වෙන්කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්‍ෂව සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 334 ක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ වියදම් යෝජනාවට අනුව රජය ආදායම් රැස්කර ගන්නා ආකාරය ඇතුලු සවිස්තර අයවැය කතාව මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්