fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තී‍්‍රරෝද රථ කොල්ලකෑමේ ජාවාරමක සම්බන්ධ 4ක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 11:38

තී‍්‍රරෝද රථ කොල්ලකෑමේ ජාවාරමක සම්බන්ධ 4ක් රිමාන්ඩ්

තී‍්‍රරෝද රථ කොල්ලකෑමේ ජාවාරමක සම්බන්ධ හතර දෙනෙකු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළා. දුඹුල්ල නගරයේ නවතා තිබූ තී‍්‍රරෝද රථයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකින් පසු මෙම ජාවාරම හෙළිවූ බවයි පොලීසිය පවසන්නේ. ජාවාරම සිදුකරන සංවිධානාත්මක කණ්ඩායමේ හතර දෙනෙකු තී‍්‍රරෝද රථය සමඟ අතුරුගිරිය හබරකඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ප‍්‍රධාන සැකකරු අනුරාධපුර ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම ජාවාරම්කරුවන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට ගොස් ඉතා රහිසිගතව තී‍්‍රරෝද රථ පැහැරගනිමින් මහනුවර කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ නිවසකට රැගෙන එන බවටයි තොරතුරු හෙළිවුණේ. තී‍්‍රරෝද රථයේ පැහැය සහ අංක වෙනස්කර ඒවා අතුරුගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුට ලබාදෙන අතර ඔහු ඒවා රුපියල් ලක්ෂයකට මිලදී ගන්නා බවට ද විමර්ශන වලින් හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්