වසර 2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති වාර්තා අනුව ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි. ඒ අනුව දිවයිනෙහි වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාළ පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවන්නක්. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා හට පැවසීමට අවශ්‍ය වචන, අකුරු වාක්‍ය බවට පරිවර්ථනය කිරීම මෙමගින් සිදුවේ. මේ හරහා දෙපිරිස අතර විධිමත් සංවාදයකට මුල පිරෙන බව අමාත්‍යවරයා පවසයි.
ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් කෘෂිකර්මාන්තයට උනන්දු කරලීම වෙනුවෙන් ඊට අදාළ ශබ්දකෝෂ ද මෙම මෘදුකාංගයට එක් කිරිමට පියවර ගැනේ. මෘදුකාංගය භාවිත කරමින් කෘෂි උපදෙස් හා වගා විධි අධ්‍යනය කිරීමට ද අවස්ථාව සැලසේ. ස්මාට් ජංගම දුරකථන හරහා ශ්‍රව්‍යාබාධිතයන්ට කඩිනමින් මෙම සේවාව ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ..
මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයක්.