fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලට මහජනතාවට ඇරයුම්…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 17:27

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලට මහජනතාවට ඇරයුම්…

ශ්‍රී ලාංකේය විද්‍යුත් සන්නිවේදනයේ ගුවන්විදුලියට ඇත්තේ දශක නවයක ඉතිහාසයක්. එකී මාධ්‍ය නියුක්තිකයන් රාජ්‍ය මට්ටමින් අගයනු වස් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ ගුවන්  විදුලි උපදේශක සභාව මගින් සංවිධානය කරනු ලබන “ගුවන් විදුලි රාජ්‍ය  සම්මාන උලෙළ” මෙවර ද අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ගුණාත්මක ගුවන් විදුලි සේවාවක් වෙනුවෙන් රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. පෙබරවාරී 12 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත්ව එය පැවැත්වෙන බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ප‍්‍රකාශ කළේ.

මෙම සම්මාන උලෙළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ගුවන්විදුලි නාලිකා සඳහා විවෘතයි. ගුවන්විදුලිය සඳහා (රාජ්‍ය/පෞද්ගලික) විශිෂ්ට මෙහෙවරක් කළ, සියලු නිර්මාණකරුවන් ඇගයීම, මෙම උලෙළ සංවිධානය කිරීමේ අරමුණයි. එහි තරග අංශ මෙසේයි…

 

ප්‍රවෘත්ති හා කාලීන අංශය

ප්‍රශස්තම ප්‍රවෘත්ති සංස්කාරක

ප්‍රශස්තම ප්‍රවෘත්ති ප්‍රකාශක (පිරිමි)

ප්‍රශස්තම ප්‍රවෘත්ති ප්‍රකාශක (ගැහැණු)

ප්‍රශස්තම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාව

 

විවිධ වැඩසටහන් ආකෘති

ප්‍රශස්තම විචිත්‍රාංග වැඩසටහන

ප්‍රශස්තම වාර්තා වැඩසටහන

ප්‍රශස්තම සඟරා වැඩසටහන

ප්‍රශස්තම සාකච්ඡා වැඩසටහන

 ප්‍රශස්තම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

(අධ්‍යාපනික,ආගමික,ළමා,කාන්තා, සෞඛ්‍යය, ක්‍රීඩා, පරිසරය, ජාතික සමගිය, සංස්කෘතික හා කලා තේමාවන් සහිත වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරේ.)

 

ගුවන්විදුලි නාට්‍ය

ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය රචක

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය රචක(ළමා)

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා(ළමා)

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය(ළමා)

 ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය(ළමා)

 

වෙනත් සම්මාන

ප්‍රශස්තම කථක (Narrator)

ප්‍රශස්තම නිවේදක

ප්‍රශස්තම නිවේදිකා

ප්‍රශස්තම  නාද ශික්ෂණය

ප්‍රශස්තම පූර්ව ප්‍රචාරණ ඛණ්ඩය(Jingle)

ප්‍රශස්තම වැඩසටහන් නිෂ්පාදක

ප්‍රශස්තම ගුවන්විදුලි නාලිකාව

ප්‍රශස්තම ගුවන්විදුලි සජීවි විස්තර ප්‍රකාශක (ගැහැණු/පිරිමි)

 

ප්‍රතිභා ප්‍රණාම සම්මාන

(ලාංකේය ගුවන්විදුලි මාධ්‍යයේ අභිවර්ධනය උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයන් තිදෙනෙකු සඳහා ප්‍රතිභා ප්‍රණාම යාවජීව සම්මානත්‍රිත්වයක් පිරිනැමේ.)

මෙවර සම්මාන උළෙල නැරඹීම සඳහා මහජනතාවට ද සහභාගිවීමට අවස්ථාව හිමිවන බව අනූෂා ගෝකුල මහත්මිය ප‍්‍රකාශ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo