fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 8 කට වැඩි රත‍්‍රං සමඟ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 10:37

කෝටි 8 කට වැඩි රත‍්‍රං සමඟ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 8 කට වැඩි රත‍්‍රං සමඟ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත‍්‍රං තොගය ධීවර බෝට්ටුවල සඟවා ඉන්දියාව දෙසට රැගෙන යමින් සිටියදීයි.

රත‍්‍රං තොගයේ බර කිලෝග‍්‍රෑම් 11 යි ග‍්‍රෑම් 506 ක්. කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත‍්‍රාවක් මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් ඉසුරි සූරිය බණ්ඩාර මහතා පවසන්නේ. සැකකරුවන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක සහ 28 ක දෙදෙනෙකි. ඔවුන් රේගු නිවාරණ අංශයට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්