සාලියවැව ඔලිමඩුව ගම්මානයේ අතුරුදන් වූ දැරිය ඝාතනය කළේ තමන් බව ඇගේ මව පාපොච්ඡාරණය කර තිබෙනවා.
ඩබ්ලිව් ජී තෙනුරි තිසාරා නමැති වයස අවුරුදු 4 ක දැරියගේ අතුරුදන්වීම පිළිබද පසුගිය දින කිහිපය තුළදී දැඩි ආන්දෝලනයක් රට පුරා ඇති වුණා. දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව පොලීසිය ඉදිරියේ පාපොච්ඡාරණය කර ඇත්තේ දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවයි. මේ වන විට නාවික හමුදාවේ හා පොලීසියේ කිමිදුම් කණ්ඩායම් දැරියගේ සිරුර සොයා කලා වැවේ ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. දැරියගේ මව සඳහන් කර ඇත්තේ පසුගිය 30 වනදා දියණිය පෙර පාසල් යාමට සූදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා ඇයට පා පහරක් එල්ල කළ බවයි. පසුව තවත් පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී දැරිය සිහි මුර්ජා වූ බැවින් කලාඔයට ගෙන ගොස් විසි කළ බව ඇය පවසා තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=i5y7jW84jdw&feature=youtu.be&fbclid=IwAR2Z5elUa7408cusW5khMYy5RZfXh-yyAz8MOCL4472u5A_0m2cx8W3DprY”]