fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක මිල පාලනය කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 18:02

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක මිල පාලනය කෙරේ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක මිල පාලනය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

ජනතාවට සහන සලසාදීමයි ප‍්‍රධාන අරමුණ. රෝගීන් අපහසුතාවට පත්වන පරිදි ඖෂධවල මිල ගණන් ඉහලයාම පාලනයට එමගින් හැකිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මිල පාලන නීති උල්ලංඝණය කරන අලෙවිසැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළා.
ඉදිරියේදී මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් අංග සම්පුර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්