පුලියන්කුලමේ සැකකරුවන්ට රැකවරණය දුන් තවත් 6ක් අත්අඩංගුවට
Related Articles
අවි ආයුධ තොගයක් සමඟ පුලියන්කුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනාට රැකවරණ හා ආධාර දුන් තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීරිගම සහ වේයන්ගොඩ ප්‍රදේශ වලදී. ඔවුන් ළඟ තිබි ජංගම දුරකථන 14 ක් සහ භෙරොයින් මත්කුඩු ග්‍රෑම් පන්සියකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. සැකකරුවන් මීරිගම , රාජගිරිය , වව්නියාව , පුලියන්කුලම සහ වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. රැඳවුම් නියෝග මත තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නෙ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment