ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 534 ක් ලබාසිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කළා. ජෝයි බර්න්ස් ලකුණු 180 ක් සහ ට්‍රෙවිස් හෙඩ් ලකුණු 161 ක් ලබාගත්තා. පීටර්සන් නොදැවී ලකුණු 114 ක් ද ඉණිමට එක්කළා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු තුනක් දවාගත්තා.
පිළිතුරු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු 41 ක් ලබාගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 46 ක් ලබා සිටියදී පන්දුවක් ආරක්ෂිත හිස්වැසුමේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවුණා. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.