මෙරට නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව මේ වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් සංවිධාන කෙරුණු වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඊයේ අද සහ හෙට ගැන දැනගනිමු වැඩසටහන බත්තරමුල්ල ප්‍රදේශයේ දී පැවැත්වුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් . මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සහ ඉදිරි කටයුතු පිළිබද මෙහිදි අවධානය යොමු කෙරුණා. ඒ පිළිබද සම්පාදනය කෙරුණු කෘතියක් ද මෙහිදි එළි දැක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/P-vj7uQxRfc”]