ජාත්‍යන්තර සබඳතා යනු රටේ සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ආයතනයේ නිළධාරින් සමග සුහද කතාබහක නිරත වීමටද කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදි කටයුතු කළා. එමෙන්ම ඔවුන්ගේ ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන්ද ඒ මහතාගේ අවධානය යොමු වුනා. අමාත්‍යාංශ නිළධාරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/f404xaBNUpQ”]