පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ප්රදේශයේ අතුරුදන්වූ දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙනවා.
පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්රශ්න කළ බවයි පොලීසිය පවසන්නේ.
දැරියගේ මව සහ ඥාතීන් කිහිපදෙනෙකු ද ඒ අතර වනවා. මව සිදුකරන ඇතැම් ප්රකාශ පරස්පර බව පොලීසිය සඳහන් කළා.
පසුගිය 29 වෙනිදා පෙරවරුවේ දැරිය අතුරුදන් වුණා.
ඇය සොයා අදත් විල්පත්තු රක්ෂිතයේ මෙහෙයුමක් සිදුකරන බව සාලියවැව පොලීසිය ප්රකාශ කළා.