ඉඩම් සින්නක්කර අයිතිය ලබාදෙන නව නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව අගමැති පවසයි
Related Articles
රජය ඉඩම් ලබා දී ඇති සියලු දෙනාට සින්නක්කර ඔප්පු ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිකවැරටිය ඉඩම් ඔප්පු ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කුරුනෑගල නිකවැරටිය පොලිස් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයේදී දස දහසකට ඉඩම් ඔප්පු පිරිනැමුණා. පොලීසිය පාසල් රෝහල් ඇතුළු එම ප්‍රදේශයේ මෙතෙක් ඉඩම් ඔප්පු නොතිබු රාජ්‍ය ආයතන රැසකට අග්‍රාමාත්‍යවරයා අතින් ඉඩම් ඔප්පු ලබා දුන්නා.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී අලවතුවල, අශෝක් අබේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ය න මහත්වරුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment