සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට කඩුළු 4ක් දැවී ලකුණු 384ක් ලබා ගත්තා.
කැන්බරා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි. තරගයේ කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුළු තුන දැවී ගියේ මුළු ලකුණු පුවරුව 28 ක් ලෙස සටහන්ව තිබියදීයි. අනතුරුව ජෝයි බර්න්ස් හා ට්‍රෙවිස් හෙඩ් ඉනිම ගොඩනැගූවා. ජෝයි බර්න්ස් සිය හතරවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. සිය මංගල ශතකය වාර්තා කරමින් ට්‍රෙවිස් හෙඩ් ඔහුට අනගි සහයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනාම ලකුණු 150 පසුකළා. තරගයේ පළමු දිනය නිමා වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 384ක් ලබා ගැනීමට සමත්වුණා. මේ අනුව විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් හා චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවා ගත්තා.