Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ වැළලුනු තැන් මොංගෝලියාවෙන් හමුවෙයි…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 13:23

ඉතිහාසයේ වැළලුනු තැන් මොංගෝලියාවෙන් හමුවෙයි…

කාලයේ වැලි තලාවට යටව තිබූ සුවිශේෂී පරිච්ඡේද රැසක් මේ වන විට ලොව පුරා විවිධ කැනීම් මගින් සොයාගෙන තිබෙනවා.

දැනට හමුවී ඇති මිනිසාගේ පැරණිතම මුතුන්මිත්තාගේ පොසිලය 1974 වසරේදී ඉතියෝපියාවෙන් හමු වී තිබෙනවා‍.

ඔස්ට්‍රලෝපිතකස් ඇෆරෙන්සීස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන විශේෂයට අයත් එම පොසිලය ලුසී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා.

කෙන්යාවේ ටර්කානා විලෙන් හමු ව ඇති මිට වසර මිලියන 4ක් පමණ පැරණි ඇතැම් පොසිල ලුසීගේ සමය නියෝජනය කරන බවට ඇතැම් පුරාවිද්‍යා මත පළකරනවා.

මේ අනුව මානවයා රේඛීය පරිණාමයකට ලක් වූ ජීවියෙකු නොවන බව යැයි ද ඇතැම් විද්වතුන්ගේ මතයයි.

එමෙන්ම මොංගෝලියා දේශසීමා ආසන්නයේ අල්තායි කදුකර   ප්‍රදේශයේ තිබි මානව පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් මේ වන විට හමුව තිබෙනවා. ඒවා වසර ලක්ෂ තුනක් පමණ පැරණි බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ.

ඩෙනිසෝවන් වර්ගයට අයත් මානව විශේෂය මෙම ප්‍රදේශයේ ජීවත් වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කැණීම් සිදුකරන බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ.

ඒ අනුව  ඔවුන් පෙන්වා දෙන්නේ, මොංගෝලියානු ඉතිහාසයද  ලොව සැඟවුණු බොහෝ දේ හෙළිකර ගැනීමට උපකාර කරනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකි බව යි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 13:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්