ගොවි ජන ජීවිතය හා බැදුණු කදුළු කතාව පිළිබද අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප්රමුඛ වැඩපිළිවෙල වුයේ ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිරසාර විසදුම් ලබා දීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින්.
ගොවි තාත්තා සිනමා පටයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් උත්සවයක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අද (31) පෙරවරුවේදී පැවැත්වුණා. සංගීතඥයෙකු වන දර්ශන රුවන් දිසානායක උණගලාවෙහෙර ගම්මානයේ ප්‍රේමරත්න දිසානායක මහතාගේ ජීවන පුවත මෙලෙස ගොවි තාත්තා නමින් සිනමාවට නැගීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/d4jyGSkS_D0″]
ගොවි තාත්තා සිනමා පටයේ තිර පිටපත එහි නිශ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රේමරත්න දිසානායක මහතාගේ බිරිද වන බී එම් බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගන්වනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වුණා. පාසල් දැරියක රචනා කරන ලද ගී පද රචනා කිහිපයක් ද මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසුවේ පාසල් සමයේ සිට නගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලු තමාට අරුමයක් නොවූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/r8iisjPVtGg”]