fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ඡන්දය ගැන තීරණයට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 16:36

පළාත් සභා ඡන්දය ගැන තීරණයට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

පළාත් සභා ඡන්දය පැවැත්වීම හා මැතිවරණ තීනි යාවත් කාලීන කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සහ මැතිවරණ නීති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා. ඒ සදහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙසයි දේශප්‍රිය මහතා රජයෙන් ඉල්ලා සිටියේ. අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර,  නීති දෙපාර්තමේන්තුව මගින් සකස් කළ, මැතිවරණ නීති කෙටුම්පත් යාවත්කාලීන කළ යුතුව තිබෙනවා. එමෙන්ම නව මැතිවරණ නීති හදුන්වාදීමේ අවශ්‍යතාවද ඇති බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. එවැනි විශේෂිත කරුණු 13 ක් යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුබවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම ඉල්ලීම සාකච්ඡාවට ගැනීමටයි කටයුතු කෙරුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම පිළිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසීමට ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කළා. සියලු පාර්ශ්ව වල අදහස් හුවමාරුකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහා පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්