236 වන්නේ තොරතුරු දැනගැනීමේ පනත ජනතාව වෙත උරුමකර දීම බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා.
කෝට්ටේ මහනගර සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි තිලකා ජයසුන්දර මහත්මිය මෙම අදහස් පළකළේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව තොරතුරු දැනගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස කෝට්ටේ මහනගර සභාව තෝරාගෙන තිබෙනවා. මෙම වෙබ් අඩවිය ඔස්සේ කෝට්ටේ මහ නගර සභාවේ තොරතුරු ජනතාවට ලබා ගැනීමට හැකියි. නව වෙබ් අඩවිය මගින් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරිමට හැකි බවයි අතිරේක ලේකම්වරිය පෙන්වා දුන්නේ.
අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර,
[ot-video type=”youtube” url=”https://youtu.be/OUMX-6BGdlI”]
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කෝට්ටේ මහනගර සභාව,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.