ගෝඨාගේ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11වනදා
Related Articles
ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද(31) විභාගයට ගැනුණා.
රුපියල් මිලියන තිස් තුනයි දශම නවයක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට නීතිපතිවරයා පිළිතුරු ලබාදීම අද (31) ආරම්භ කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ සංවිධාන පනත තුළින් ස්ථාපිත කර ඇති අතර එම පනත සංශෝධනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයකින්ද අනතුරුව බවයි.
තවද මෙම අධිකරණයේ කටයුතු නීතිපතිවරයාගේ අභිමතයට පමණක් ගොනු කළ නොහැකි බවත් ඒ සදහා අගවිනිසුරුවරයාගේද අනුමැතිය ලැබිය යුතු බවත් කියා සිටියා. රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධ වරදක් ආර්ථික සහ මූල්‍ය වරදක් නොවන්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය දින නියම කළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment