Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දිමාල් 11 දෙනෙකු තෝරා ගැනීමේ අර්බුදයක

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 15:55

චන්දිමාල් 11 දෙනෙකු තෝරා ගැනීමේ අර්බුදයක

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග හෙට (01) ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා තේරීම අර්බුදයක් බවට පත්ව ඇති බව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඕස්ට්‍රේලියාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිමාල් මේ බව කියා සිටියා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් සුරංග ලක්මාල්ට හෙට (01) තරගය අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. පිටකොන්දේ ආබාධයකට ලක් වූ ලක්මාල් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව හෙට (01) තරගයට ක්‍රීඩා කරන්නේ ද යන අවසන් තීරණය ගැනීමට නියමිතයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර ආබාධයන්ට ලක්ව යළි ශ්‍රී ලංකාවට පැමිණියා. දෙරට අතර පැවති පුහුණු තරගයේ දී නුවන් ප්‍රදීප් ද ආබාධයකට ලක්වුණා. කැන්බරා හිදී මෙරට වේලාවෙන් හෙට උදෑසන පහටයි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග සාකච්ඡා කර මේ වනවිට කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර මතුව ඇති මතභේදකාරී තත්ත්වය සමථයකට පත්කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව වී තිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායම තේරීමේ කටයුතු වලින් පසුගියදා ඉවත් කෙරුණා. ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අනුව හෙට (01) තරගයේ තේරීම් සිදුකිරීමට තේරීම් කමිටු සාමාජික හේමන්ත වික්‍රමරත්න මහතා එරටට ගොස් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 15:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්