Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 10:41

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුෂ් නැමැති වඩාත් වැඩිදියුණු කරන ලද හයිබ‍්‍රිඩ් වර්ගයේ ගංජා ග‍්‍රෑම් 400 ක් ඇයගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් තුළ තිබියදී සොයාගැණුනා. 24 හැවිරිදි සැකකාරය ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඇය ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ වෙත දෝහ වෙත පැමිණ ඉන්පසු ශ‍්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායකට පැමිණ තිබෙනවා. උතුරු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පිහිටි හින්දු කුෂ් කදුවැටිය ආශ‍්‍රිතව වැවෙන මෙම ගංජා විශේෂය 1970 දශකයේදී සොයාගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු සදහන් කළේ. ඉරානයේ ගෘහාශ‍්‍රිතව වගාකරන මෙම වර්ගයේ ගංජා තොගයක් ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් පලමු අවස්ථාවයි මෙය. සැකකාර ඉරාන ජාතික කාන්තාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කිරිමටයි නියමිත.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 10:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්