Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 11:09

විදේශ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ක්ෂේත්‍ර පුහුණුවීම් සදහා විදේශ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට පියවර ගැනෙනවා.

ජාතික සමාජ සංවර්ධන ආයතනයයි එම කටයුතු සිදු කරන්නේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩසටහන සදහා විදේශ විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාකච්ඡා කර  එකගතාවන්ට පැමිණ තිබෙනවා.

ඒ අනුව බෙල්ජියම, කොරියාව, ජපානය, ඉන්දියාව ඇතුළු  රටවල් කිහිපයක විශ්ව විද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතයි.

තරුණ ළමා හා වැඩිහිටි රැකවරණය, දේශීය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩසටහන් , වැඩිහිටි රැකවරණය පිළිබද පර්යේශන, ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරුව ඇතුළු පාඨමාලා වෙනුවෙන් මෙලෙස විදේශ විශ්ව විද්‍යාල සමග ගිවිසුම්වලට එළඹෙනු ඇති.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 11:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්