fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් පාපන්දු තරඟාවලිය අතරමැද නතරවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:11

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් පාපන්දු තරඟාවලිය අතරමැද නතරවෙයි

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් පාපන්දු තරගාවලියේ බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායම හා කලුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම අතර පැවති තරගය ප්‍රේක්ෂකයින්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අතරමැද අතහැර දැමීමට සිදුවුණා.

කලුතර පාපන්දු ක්‍රීඩා පිටියේ පැවති තරගයේ 78 වන මිනිත්තුව වන විට බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායම ගෝල 02 ක් හා කලුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම එක් ගෝලයක් ලබාගෙන සිටියා.

එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණ ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින්ට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී ඇතිවූ තත්වය පාලනය කිරීමට පොලීසිය මැදිහත් වුවද එය සාර්ථක වී නැහැ. මේ අනුව තරගය අතර මැද අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

මෙම ක්‍රීඩා පිටියේදී මීට පෙරද මෙවැනිම සිදුවීමක් වුණා. එහිදී ජාතික පාපන්දු සංගමය තීරණය කළේ තරග තුනක තහනමක් මෙම ක්‍රීඩා පිටියට පැනවීමටයි. එහෙත් එක් තරගයක් පමණයි මෙම ක්‍රීඩා පිටියේ නොපැවැත්වුනේ.

අනතුරුව යලි පාපන්දු තරග කලුතර ක්‍රීඩා පිටියේ පැවැත්වීමට ජාතික පාපන්දු සංගමය අවසර ලබා දුන්නා.

මේ පිලිබද අප කළ විමසීමකදී ජාතික පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ ඉදිරියේදී මෙම ක්‍රීඩා පිටියේ තරග පැවැත්වීමට අවසර ලබා නොදෙන බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්