fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ කාලගුණය අයහපත්; පුද්ගල මරණ පහක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:38

ඇමෙරිකාවේ කාලගුණය අයහපත්; පුද්ගල මරණ පහක්

ඇමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ පහක් වාර්තා වී තිබෙනවා.

අධික හිම පතනයත් සමග සිදුව ඇති අනතුරු හේතුවෙනුයි මෙම ජීවිත හානි වාර්තා වී තිබෙන්නේ.

තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රදේශ රැසක පවතින හිම පතනය හේතුවෙන් දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

වෙළෙදසැල්, ආයතන ඇතුළු පොදු ස්ථාන රැසක් තාවකාලිකව වසා දමා ඇති බව ඇමෙරිකා වාර්තා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්