මහ මුහුද මැද අසරණ වූ මැලේසියා නැවියෙකුට නාවික හමුදාව සරණ වෙයි
Related Articles
මුහුදේදී රෝගාතුර වූ මැලේසියා නාවික හමුදා සාමාජිකයකු ගොඩබිමට රැගෙන විත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදාව පියවර ගත්තා.
ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති මුදා ගැනීමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට මැලේසියා නාවික සාමාජිකයා රෝගාතුර වී ඇති බවට මැලේසියා මහකොමසාරිස් කාර්යාලය මගින් දැනුම් දී තිබුණා.
ඒ අනුවයි ශ්‍රී ලංකා නාවික හමුදාව මැලේසියා නාවික හමුදාවට අයත් කස්තුරි නෞකාවේ සිටි රෝගාතුර වූ නාවිකයා ගොඩබිමට රැගෙන එනු ලැබුවේ.
කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිට එම රෝගියා වේග ප්රහාරයක යාත්‍රාවක් මගින් කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන එනු ලැබුවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment