fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ගැටළු පැමිණිලි කිරිමේ දුරකථන අංකය හෙට සිට ක‍්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 08:54

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය ගැටළු පැමිණිලි කිරිමේ දුරකථන අංකය හෙට සිට ක‍්‍රියාත්මකයි

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනේ ණය සහන ලබාගැනිමේ දි මතුවිය හැකි ගැටළු දැනුම්දීමේ දුරකථන අංකය හෙට සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

1925 අංකය ඒ සඳහා හදුන්වා දීමට පියවර ගෙන තිබනවා. බැංකුවලින් ණය ලබාගැනිමේදී ඇතිවිය හැකි ගැටළු ද දැනුම් දිය හැකි බවයි අමාත්‍යංශය පවසන්නේ. සහන ලබාදෙන ව්‍යාපෘති සංඛ්‍යාව වැඩි කිරිමටත් පියවර ගෙන තිබෙනවා. කාන්තා ව්‍යාවසයාකයන් බල ගැන්වීම හා ස්වයං රැකියා දියුණු කිරිම සඳහා සහය ලබාදීමත් මෙහි අරමුණකි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් ද නව වැඩසටහන් හදුන්වා දීමට රජය පියවර ගත්තා. එළවළු ප‍්‍රවාහනය කරන ලොරි රථ සඳහා ද ණය සහන ලබාදෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්