fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට අවඥා කරන්නේ ජාවාරම්කරුවන්ම බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 16:10

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට අවඥා කරන්නේ ජාවාරම්කරුවන්ම බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක්කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. මතින් නිදහස් රටක් වැඩසටහනේ 13 වෙනි දිස්ත්‍රික් සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළකලා.

මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමිනුයි මෙවර සමාලෝචන රැස්වීම පැවැත්වුණේ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එම දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන්වලට  දායකවූවන් ඇගයීමට ලක්කිරීමට ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කෙරුණා. මාතර දිස්ත්‍රික් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළැදවීම ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සදහා ඇගයීම් සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණා.  රුහුණු විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ පර්යේෂණ ඒකකයේ කටයුතු සදහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා. දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තලතගම ඥානරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ  අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍ය මංගල සමරවීර,නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර,දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්