අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය නවයක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශකළා.
ඒ නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
අනුරාධපුර නගරය පලමු පියවර , දෙවන පියවර සහ තුන්වන පියවර , යාපනය හන්දිය , කුරුන්දන්කුලම , මිහින්තලය සාලියපුර සහ රඹෑව ප්රදේශවලටයි ජල සැපයුම අත්හිටුවන්නේ.