fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

15 න් පහළ සමස්ත ලංකා පාසල් B පැසිපන්දු ශූරතාව අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 14:21

15 න් පහළ සමස්ත ලංකා පාසල් B පැසිපන්දු ශූරතාව අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට

වයස අවුරුදු 15 න් පහළ සමස්ත ලංකා පාසල් බී කාණ්ඩයේ පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලය සමත් වුණා.

ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ පැසිපන්දු පිටියේ පැවති තරගාවලියට පාසල් කණ්ඩායම් 4 ක් එක්ව සිටියා. තරගාවලියේ බී කාණ්ඩයේ අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ විශාඛා විද්‍යාලය හා අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම් අතරයි. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ දී ලකුණු 29 ට 27 ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තේ සත්කාරක ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කුලරත්න විදුහල් කණ්ඩායම නියෝජනය කළ ගිමන්ති යශෝරා සම්මාන දිනා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 14:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්