fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාස් ගුණවර්ධනගේ අභියාචන පෙත්සම අද විභාගයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 12:49

වාස් ගුණවර්ධනගේ අභියාචන පෙත්සම අද විභාගයට

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හය දෙනෙකු තමන්ට නියම වී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැදවනු ලැබුවා.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. 2013 වසරේ මැයි 22 වනදා එය සිදුව තිබුණා. මෙම නඩුවෙන් වරදකරුවන් කෙරුණු වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට මරණ දඩුවම නියම වුණා. ඊට එරෙහිව ඔවුන් ගොනු කළ අභියාචන පෙත්සමට අදාළ සියලු ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කළා. එම ලේඛන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය පෞද්ගලිකව පෙනී සිටින ලෙසටද විශේෂ නියෝගයක් නිකුත් කෙරුණා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ලේඛන නොමැති හේතුව මත නඩු විභාගය කල් තැබීමට සිදුවීම ඊට හේතුවයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්