ලොව කාර්යබහුලම ගුවන් තොටුපොල බවට පස්වන වරටත් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොල පත්වුණා.
පසුගිය වසරේ ඩුබායි ගුවන් තොටුපොල දත්ත වාර්තා ලබාගෙන තිබෙනවා. සංචාරකයන් කෝටි අටකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේදී එය භාවිත කළ බවටයි තොරතුරු හෙළිවුණේ. වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍ය , රුසියා සහ ඇමරිකා ජාතිකයන් ද වැඩි වශයෙන් පැමිණි සංචාරකයන්ට අයත්. හීතෲ ගුවන් තොටුපොල ද ලොව කාර්යබහුලම ගුවන් තොටුපොල ලෙසයි සැලකෙන්නේ.