fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සදහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:38

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සදහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

වී මිලදී ගැනීමේ වැඩපිලිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් වී ගබඩා පිහිටුවීම සිදු කෙරෙනවා. ඒ යටතේ වවුනියාව මාරම්බකුලම් ප්‍රදේශයේ ඉදිකළ වී ගබඩාව විවෘත කෙරුණා.

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සදහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව දිස්ත්‍රික් 18 ක් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කට මිලදී ගැනෙනවා. නාඩු වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනෙන්නේ රුපියල් 33 කටයි. මිලදී ගන්නා වී ගබඩා කිරීම සදහා ගබඩා පහසුකම් පුළුල් කෙරෙනවා. ඒ යටතේ වවුනියාවේ ඉදිකළ ගබඩාව තුළ වී මෙට්‍රික් ටොන් දහසක් ගබඩා කළ හැකියි ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 50 ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්