fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට එළවළු වගාවට සේනාගෙන් දැඩි බලපෑමක් නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:50

උඩරට එළවළු වගාවට සේනාගෙන් දැඩි බලපෑමක් නැහැ

උඩරට අතරමැදි කලාපයේ එළවළු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි බලපෑමක් එල්ල නොවන බව කෘෂිකර්ම නිලධාරීන් අවධාරණය කරනවා.  බණ්ඩාරවෙල ප්‍රාදේශිය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කීට විද්‍යා අංශය සිදුකළ සමීක්ෂණයකට අනුවයි ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ.

සේනා දළඹුවන්ගේ කීට අවස්ථා හා බදුල්ල මොණරාගල දිස්ත්‍රීක්වල විවිධ එළවළු භෝග භාවිතයෙන් විද්‍යාගාරය තුළ පරීක්ෂණ සිදුකර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ එම ප්‍රදේශවල එළවළු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි හානියක් සිදු නොවන බවයි. බොහෝ ස්ථානවල සිදුව ඇත්තේ වෙනත් පළිබෝධකයින් සිදුකරන කෘමි හානි  සේනා දළඹුවා විසින් සිදු කරනු ලැබ ඇති බවට වරදවා තේරුම් ගෙන ඇති බවයි. ප්‍රදේශයේ බඩඉරිගු වගාවට බෝ වී ඇති සේනා දළඹු විශේෂය පාලනය කර ගත හැකි මට්ටමේ පවතින බවද කෘෂිනිලධාරීන් පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්