ශ්‍රී ලංකා ජර්මන් අධිකරණ කටයුතු හා නීති ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටම එකග වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොඩේ මහතා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය හමු වූ අවස්ථාවේ මෙම එකගතාව පළ කෙරුණා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදීයි මෙම හමුව පැවැත්වුණේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට හා අනෙකුත් සංවර්ධන කටයුතු සදහා ජර්මන් රජය ලබාදෙන සහයෝගයට අමාත්‍යවරිය මෙහිදී ප්‍රසාදය පළ කළා. මෙරට විනිසුරුවරුන්ට සහ අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම වර්ධනය කර ගැනීම සදහා ජර්මනිය තුළ ලබා දී ඇති සහයෝගීතාවද ඇගයීමට ලක් වුණා. අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් සුරක්ෂිත කිරීමටත් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගයන කරන බවයි ජර්මන් තානාපතිවරයා මෙහිදී සදහන් කළේ.