2010 වසරට අදාළ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා.
අල්ලස් කොමිසන් සභාවයි ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ. පැමිණිලි පාර්ශ්වය විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බව මහේස්ත්රාත්වරිය සිය තීන්දුවෙන් ප්රකාශයට පත් කර සිටියා. 2010 වර්ෂය සදහා සිය වත්කම් හා බැරකම් ප්රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව පවසමිනුයි මෙම නඩුව පවරා තිබුණේ.