fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙවෝන් ඇල මාර්ගයට අප ද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් පරිසර ගැටළු රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:08

ඩෙවෝන් ඇල මාර්ගයට අප ද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් පරිසර ගැටළු රැසක්

ඩොවෝන් දිය ඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල මාර්ගයට අප ද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් පරිසර ගැටළු රැසක් මතුව තිබෙනවා. ඇල මාර්ගයෙන් ජලය ලබා ගන්නා ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

කොටගල සිට ඩෙවෝන් දිය ඇල්ල දක්වා ජලය ගලා බසින ඩෙවෝන් ඇලට කොටගල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලකින් මල අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් පරිසර හානියක් සිදුව තිබෙනවා. කොටගල සිට ඩෙවෝන දිය ඇල්ල දක්වා කිලෝමීටර් 03 ක පමණ ප්‍රදේශයක ඩෙවෝල ඇල ගලා බසිනවා. කදුකර ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග ඩොවෝන් ඇලේ ජල ධාරිතාව ද සීග්‍රයෙන් අඩු වී තිබෙනවා. ඒ හේතුවෙන් අපද්‍රව්‍ය මුදා හැරීමත් සමග ඇලේ ජලය තද කලු පැහැයෙන් දිස්වන බවයි ප්‍රශවාසීන් පවසන්නේ. කොටගල  ප්‍රදේශයේ ජනතාව මෙන්ම සංචාරකයින්ද මෙම ඇලේ ජලය පරිහරණය කරනවා. ඩොවෝන් ඇල දැඩි ලෙස අපවිත්‍ර  වීම හේතුවෙන් කිසිදු කටයුත්තකට මෙහි ජලය භාවිත කළ නොහැකි බවයි ප්‍රදේශවාසීන්  පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2019 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්