මුහුද ආශ්රිත සුළගේ වේගය අද රාත්‍රියේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කන්කසන්තුරය සිට මන්නාරම හා පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඊට අයත් බවයිි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මහත්මිය පවසන්නේ.
දිවයින හරහා වන සුළගේ වේඟය ද අද රාත්‍රියේ සිට පැයට කිලෝ මිටර් 40 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවයි ශානිකා පියුමලි දිසානායක මහත්මිය සඳහන් කළේ.