කේරළ ගංජා කිලෝග්රැම් අසූ හයකට වැඩි ප්රමාණයක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පේදුරුතුඩුව ඉබ්බාසිද්ධි ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදි ගංජා තොගය අත්අඩංගුවට ගැනුණා. ගංජා කිලෝග්රැම් 86 ග්රැම් 400 සමග පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත්තා. මෙම ගංජා තොගය පේදුරුතුඩුව වියපරමුල්ලේයි ප්රදේශයේ නිවසක වහලයක සගවා තිබියදියි සොයා ගැනුණේ. අත්අඩංගුවට ගැනුනේ පනස් හැවිරිදි පුද්ගයෙකු බවයි පොලීසිය ප්රකාශ කළේ. පසුගිය සති තුනක කාලයේදී නාවික හමුදා මෙහෙයුම්වලදි කේරළ ගංජා කිලෝග්රැම් පන්සිය නවයකට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගැණුනා.