fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය පරාජය කළා සේ මත්ද්‍රව්‍ය ජාවාරම ද පරාජය කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 19:32

ත්‍රස්තවාදය පරාජය කළා සේ මත්ද්‍රව්‍ය ජාවාරම ද පරාජය කළ යුතුයි

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගළවා ගැනීම සදහා සිදුකළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති ජනපති ප්‍රශංසා ඇගයීම් උළෙල අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.

ජනපති ප්‍රශංසා ඇගයීම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගෙන ප්‍රධාන වේදිකාව වෙත කැදවාගෙන යනු ලැබුවා. මෙම උත්සවයේදී මතින් නිදහස් රටක් තේමා ගීතය එළිදැක්වුණා. 2015 වසරේදී ආරම්භ කරන ලද මතින් නිදහස් රටක් සංකල්පය යථාර්ථයක් බවට පත්කර ගැනීම සදහා දිවි හිමියෙන් කැපවෙමින් පොලිස් නිලධාරීන් සිදුකළ අභිමානවත් සේවය ඇගයීමට ලක්කරමින් සහ ජතියේ ගෞරවය පුදකරමින් පොලිස් නිලධාරීන් එක්දහස් හත් දෙනෙකු වෙත විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතික පත් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. එහිදී කාණ්ඩ 3ක් යටතේ මෙම සම්මාන පිරිනැමූ අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම නිලධාරීන් 15 දෙනෙකු වෙත ප්‍රදානය කෙරුණා. පොලිස් දක්‍ෂතා පදක්කම නිලධාරීන් 59 දෙනෙකු වෙත සංකේතාත්මකව පිරිනැමීම ද ජනාධිපතිතුමා සිදු කළා. මෙවැනි සම්මාන උළෙලක් සංවිධාන කර  ඇත්තේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. මෙම සම්මාන ප්‍රදානෝත්සවයට මැති ඇමතිවරුන්,ආණ්ඩුකාරවරුන්,විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධී කටයුතුවල නිරතව සිටින පිරිස් පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කර යැවූ යුගය තමා අවසන් කළ බවයි.

 

සුරක්‍ෂිත හෙටක් මෛත්‍රී පාලනයක් තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ආරම්භ වූයේ පසුගිය 21 වනදායි. සම්මාන ප්‍රදානය අද සිදුකෙරුණේ එහි තවත් එක් අදියරක් ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්