fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝන ආහාර සඳහා වර්ණ සංඛේත ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 17:08

ඝන ආහාර සඳහා වර්ණ සංඛේත ක්‍රමයක්

ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක් අප්‍රේල් මස පළමුවෙනි දින සිට හදුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

බෝ නොවන රෝග පාලනය සදහා පැණි බීම සදහා පනවා තිබූ වර්ණ සංඛේත ක්‍රමය ඝන ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති. අධික සීනි, ලුණු සහ තෙල් භාවිත කිරීම නිසා ජනතාව අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව නව නියෝගය අප්‍රේල් මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ පිළිබදව ඝන ආහාර, අර්ධ ඝන ආහාර හා දියර ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් දැනුවත් කිරීමට ද කටයුතු කෙරෙනු ඇති. ඝන ආහාර සදහා වන වර්ණ සංකේත ක්‍රමය සම්බන්ධ සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්