fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදලට තරග පාවා දීම් වැළැක්වීමේ පනත මාර්තුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 16:50

මුදලට තරග පාවා දීම් වැළැක්වීමේ පනත මාර්තුවේ

2016 වසරේ ජනවාරි 31 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබද වෝහාරික විගණනයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතාටයි. මේ අතර මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත ලබන මාර්තු මාසය වන විට මෙරට නීතියක් බවට පත්කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේදී හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඇතුළු ක්‍රීඩකයින් තුන් දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ ඒකකය චෝදනා ගොනුකරනු ලැබුවා. එමෙන්ම ඔවුන් නිවේදනය කළේ ටෙස්ට් වරම් දිනූ රටවල් අතර දූෂිතම රට ශ්‍රී ලංකාව බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකක කාර්යයාලයක් මෙරට තුල ස්ථාපිත කිරීමට ඉල්ලීමක් ද කර තිබෙනවා. මෙරට තුල ක්‍රීඩා තරග මුදලට පාවාදීමට එරෙහි නීතියක් ඇත්තේ නැහැ. මේ හේතුවෙන් එවැනි වරදකට හසුවූවකුට පැනවිය හැක්කේ තරග තහනමක් පමණයි. එය වෙනස්කිරීමේ අරමුණ ඇතිව මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත 2014 වසරේදී සකස්කරනු ලැබුවා. එම පනත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉදිරි කටයුතු සදහා යොමුකරනු ලැබුවේ නැහැ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තුමේන්තුවට යොමුකර තිබෙනවා. එය ලබන මාර්තු මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නීති උපදේශක නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 16:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්