අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්ථා කිරීමට සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් වුණා.
කොළඹ පොලිස් ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට පෙරමුණ ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 14 ට 18 ක් ලෙසයි. එහෙත් දෙවන අර්ධයේදී ආක්රමණශීලි තරග රටාවක නිරත වූ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩකයින් තරගය සියතට ගත්තා. මේ අනුව තරගය නිමා වන විට ගෝල දිනුම් 05 ක් සමගින් ලකුණු 38 ක් ලබා ගැනීමට සීඑච් කණ්ඩායම සමත් වුණා. ඒ වන විට පොලිස් කණ්ඩායමට ගෝල දිනුම් 02 ක් සමගින් ලබාගැනීමට හැකි වුණේ ලකුණු 25 ක් පමණයි.