fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆ්‍රෙන්ඩ් ෂිප් කුසලාන පන්දුවාර 40 ක්‍රිකට් ශූරතාව හම්බන්තොට ක්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 13:19

ෆ්‍රෙන්ඩ් ෂිප් කුසලාන පන්දුවාර 40 ක්‍රිකට් ශූරතාව හම්බන්තොට ක්‍රීඩා සමාජයට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ෆ්‍රෙන්ඩ් ෂිප් කුසලාන පන්දුවාර 40 ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට නාගරික ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දීමට සමන් කුමාරගේ නායකත්වයෙන් යුත් මුදල් හා ජනමාධය අමාත්‍යාංශ කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුනු 240 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම පන්දුවාර 34 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 241 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. එම කණ්ඩායමේ නායක ඉන්ෂාෆ්  හරූන්   ලකුනු 110 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 13:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්