ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා.
යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසළදී පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකර පළාගොස් සැගව සිටි ආවා කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුවුණා. අපරාධය සදහා යොදාගත් කඩු දෙකක්ද සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිපත් කිරීමට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.